Friday, June 17, 2011

මැස්සො මරල හරි degree එකක් ගන්න ඕනි.... දවසේ කතාව....

මේ කියමන පිටුපස සැගවුණු කතා ගොඩයි..ඒත් ඒව කියන්ට ඕනි නෑ ‍... මේක කිව්වෙනම් ඩිග්රි එකක දැඩි අවශ්‍යතාව දැනුන කෙනෙක්..... ඇත්තෙන්ම මේ කියමනින් අපිට හිතන්න දෙයක් ඉතිරි කරල තියෙනව කියලයි මට නම් හිතෙන්නෙ .ඒකයි ඔයාලටත් මේ ගැන කියන්න හිතුවෙ....

කෙනෙක් ඉපදුන ගමන් තමන්ගෙ හැකියාවන් අදුන ගන්න බෑ..ඒක කාලයත් සමග දියුණු වෙන්න ඕනි දෙයක්.....සමහර අය සාමාන්‍ය පෙළින් පස්සෙ තමන්ගෙ ඉගෙනීමට සමු දෙනවා...තවත් කෙනෙක් උසස් පෙළත් කරල විශ්ව විද්‍යාලයකටත් යන්න වාසනාව ලබනවා..පොඩ්ඩක් හිතල බලන්න මේ වසනාව තියෙන්නෙ කීයෙන් කී දෙනාටද............??      ඒත් සමහර අයට විශ්ව විද්‍යාලෙ ගියාට පස්සෙ තමුන් ආව කාරණාව අමතක වෙනවා...අසීමිත සතුට විදින්න ගිහින් ඡීවිතේ අවුල් කරගන්න අය කොච්චරනම් ඉන්නවද........කෙටියෙන්ම කිව්වොත් fun ගන්න ගිහින් තරුණ ඡීවිත කීයක්නම් ව්නාශ වෙනවද........?? 
( ‍fun කියල මම කිව්වෙ කොල්ලො බීල නටන නාඩගම් බව කරුණාවෙන් සලකන්න )   
කොච්චර පිස්සු නැටුවත් ඩිග්රි එක ඉහළින්ම සමත් වෙන අයත් නැතුවාම නෙමෙයි, ඒත් වැඩි දෙනෙකුට ඡීවිතේ සමබර කරගෙන ඉගෙනීම කරන්න අමාරුයි.......තමන්ට ගැලපෙන ක්‍රමය හොයගෙන යාලුවන් සීමා කරන එක තමා හොදම ක්‍රමය.....

සාමාන්‍ය පෙළ , උසස් පෙළ සහතික පෙන්නල අපේ තරුණ උදවිය අද අඩු වැටුපකට අසීමිතව දුක් විදිනවා..ඇයි අපිට බැරි බාහිර උපාධියකින් හරි අපේ අධ්‍යාපනය නිමා කරන්න..පෙ‍ඩ්ඩක් හිතන්න , උපාධියක් තියෙන කෙනෙකුට අද සමාඡයේ තියෙන පිලි ගැනීම .....කෙනෙකුගෙ බුද්ධිමත් බව මනින මිනුම්දණ්ඩ උපාධිය කියල අද සමාඡයේ ගොඩ දෙනෙක්ගෙ පිලි අරගෙන හමාරයි , ඒක මටවත් ඔයාටවත් වෙනස් කරන්න බෑ..ඒ අභියෝගයට මුහුණ දෙන්න අපි සූදානම් වෙන්න වෙනවා......
ඒ විතරක් ද , උසස් රැකියාවක් ලබන්නත් , රැකියාවේ උසස් වීම් ලබන්නත් මේ උපාධිය ඉවහල් වෙනවා.....ඉතින්.... , 
මැස්සො මරල හරි ඩිග්රි එකක් ගන්න ඕනි කියල මගෙ යාලුවට හිතුන එකේ වරදක් නෑ නේද......අද කාලෙ මැස්සො මරන එකත් ලේසි පහසු දෙයක් නොවෙයි.., පුරුදු පුහුණු වෙන්න ඕනි කලාවක්....  :) 

ඔයාල හැමෝම උපාධීධාරීන් / උපාධීධාරිනියන් විදිහට ඔයාලගෙ ඡීවිත අලුත් කර ගන්න හිතුවොත් හොදයි නේද.......................
ඡීවිතේ සදාකාලික සතුට විදින්න ඔයාලට ශක්තිය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රර්ථනා කරන මා...................... නැගණිය කටකාරි....!
-- බුදු සරණයි ! --

2 comments:

  1. mm'''eka nam eththa nangi...hekiyawata degree ekak oni..nethnam wedak ne...godak degree thiyena ayata jpbs neththe ekai...kalayata ha hekiyawata gelapena degree ekak aniwa ganna oni thama...

    ReplyDelete
  2. තරු අයියා ....
    සතුටුයි මේ පැත්තෙ ආවට...අයියත් ඩිග්රි එකක් ගන්න බලන්න...

    ReplyDelete