Monday, June 27, 2011

ඔයාට මතකද අයියෙ....අපි මුලින්ම හමුවූ දවස.....!

එදා අප හමු වූ මේ තුරු සෙවන...
තාමත් එලෙසමයි...
එදා අප ඇවිද ගිය ඒ මාවත ..
තාමත් එලෙසමයි..
එදා අප ‍කියු දෑ...
තාමත් මතකයි...
ඒත්............
මෙදා ඔබ පමණක්..
වෙනස් වෙලා ඇයි....?

ඔයාට මතකද දන්නෙ නෑ....අපි මුලින්ම හමුවූ දවස......මටනම් ඒ මොහොත මැවි මැවී පේනව ..හරියට film එකක් බලනව වගේ.., ඒත් ඒ වෙලාවට දැනෙන්නෙ දරාගන්න බැරි දුකක් අයියේ.............................!

හරියටම ලබන මාසෙ 04 වෙනිදට අපේ සහෝදර ප්‍රේමයට අවුරුද්දක් පිරෙනව.., ඒත් ඒ දවස මට තනිවම සමරන්න වෙලා ....මම හිතාගෙන හිටියෙ එදාට ඔයත් එක්කල පන්සල් යන්න.., ඒත් අද ඔයා මං ලග නෑ........
'' අපේ සහෝදරකම නැතිවෙන්නෙ මම මැරුණ දවසක තමා නංගි '' කියපු ඔයා ඇයි මාව තනි කලේ අයියේ....?

අම්ම , තාත්ත , නංගි එක්ක ගෙවුනු මගෙ ජීවිතේ අයිය නිසා තවත් හැඩ වුණා.........සහෝදරකම ඉගෙන ගත්තෙ මං අයියගෙන්....... , අයිය කෙනෙක් නැති අඩුව තදින්ම දැනුන කාලෙක තමා , අයිය මගෙ ජීවිතේට ආවෙ....... ඒත් අයිය ඉක්මණින්ම යන්න ගියා , වැරැද්ද මගේ වෙන්න ඇති ..........මම අයිය ගැන ගොඩක් හොයපු එක අයියට වදයක් වෙන්න ඇති , අයිය යන්නෙ කොහෙද ? , යාලුවො කවුද ? ,,,,,,, ගොඩක් දේවල් හෙව්ව , ඒක අයියට වදයක් වෙන්න ඇති සමහර විට , ඒත් මම එහෙම කලෙ අයියෙ, අයිය මගේම අයිය කියල හිතල......

තරහ වෙන්න එපා අයිය මම මෙහෙම කීවට , අයිය ජීවත් වෙන්නෙ මේ ලෝකෙ නෙමෙයි කියල මට හිතුන නිසා තමයි අයිය ගැන ගොඩක් හෙව්වෙ , ඇත්තෙන්ම ඔව් , අයිය ජීවත් වෙන්නෙ හීන ලෝක වල , අයිය මායා දැලේ පැටලිලා ඉන්නෙ අයියෙ , අයියට හරි පාර පෙන්නන්න මම උත්සාහ කරපු නිසා වෙන්න ඇති අයියට මාව එපා වුනේ.........කමක් නැ අයිය , කවද හරි අයිය හීන ලෝකෙන් මිදුන දවසට අයියට මම කියපුව මතක් වේවි.......!

ඒත් එදාට මම මේ ලෝකෙන් ගිහින් තියේවි......!

1 comment:

  1. ගිය දේවල් ගැන හිතලා දුක් වෙනවට වඩා ගෙවන කාලය සතුටින් ඉන්න නංගි..එතකොටයි අනාගතය ලස්සන වෙන්නේ...එහෙම නේද ?

    ReplyDelete