මගේ යාලුවො සෙට් එකේ හැමෝටම අය්යා කෙනෙක් ඉන්නවා....මට විතරයි ඒ පින නැත්තේ......මම තමයි අපේ පවුලේ ලොක්කී . වෙලාවකට හිතෙනවා ඒක හොදයි කියලා....ඒත් ...තනිකමත් එක්කල හිතට දැනෙන දුක කියාගන්න කෙනෙක් ලග නැතිවුනාම පිස්සු හැදෙනවා......කොහෙද ඉතින් අපේ නංගිට මුකුත් කියන්න බෑනෙ..අම්මිගෙ කනේ තියල ඉවරයිනෙ..අනික ඉතින් ඒ පොඩි එකී මොනා කියල කරන්නද මට වෙන පුරස්න වලට...ඒව මගේම වරදින් දාගන්න ලෙඩනෙ...
මගේ යාලුවො කොච්චර නම් වාසනාවන්තද ?
ඡීවිතේ කොයිතරම් දේවල් වලට අපිට මූණ දෙන්න වෙනවද ..ඒ හැමදෙයකටම අපිට තනියම මූණදෙන්න වෙනවා...ඒ වගේ මොහොතක නංගිට ශක්තියක් වෙන්න අය්ය ලග ඉන්නවනම්...!!
සතුට ..සහෝදර සෙනෙහස දෙන්න පුලුවන් තමන්ගෙම අය්යට විතරයි කියල මට දැනුනෙ මම මගේම කියල හිතපු අය්ය මාව තනි කරපු දවසෙයි...............................................................................!!!!!
පවුලක වැඩිමහල් දරුවා වුනාම අපි නොදැනුවත්වම අපේ සහෝදරයින් ගැන හොයල බලනවා....අවවාද දෙනවා....කොහෙද යන්නෙ..මොනාද කරන්නෙ කියල නිතරම හොයල බලනවා...කෙටියෙන්ම කිව්වොත් ටච් එකේ ඉන්නව.....එහෙම වෙන්නෙ අපේ තියෙන සහෝදර කැක්කුම නිසා.......ඒක ඉබේ ඇති කරවන්න බෑ..අපේ මුලු හදින්ම එන්න ඕනි හැගීමක්......එහෙම වෙන්න නම් එකම ලේ දුවන්න ඕනි කියලයි මට හිතෙන්නෙ...........................................................
කොහොමින් කොහොම හරි මං ගැන මම ම බලා ගන්නව කියල අන්තිමේදි මම තරයේ හිතා ගත්තා............................................................................................
( වැරදීමකින් හරි මගේ බ්ලොක් එක පැත්ත ආව ඔයා පහලින් කමෙන්ටුවනුත් දාලම යන්න......)